වැඩියෙන් ම කොවිඩ් බෝ කරන්නේ මත්පැන් සාදවලින්…!

October 24, 2021 at 10:17 am | by emanisa.lk

කොවිඩ් වෛරසය වැඩියෙන් ම බෝ වී ඇත්තේ මත්පැන් බොන ස්ථානවලින් බව සොයාගෙන ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

මේ නිසා එවැනි ස්ථාන මේ අවස්ථාවේ හැකිතාක් මග හැර සිටීම වැදගත් බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර නව වෛරස ප්‍රභේද රටට ඇතුළු වීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව පැවසූ ඇමැති ජයසුමන එන්නත්කරණය අභිබවා යා හැකි වෛරස ප්‍රභේද රටට ඇතුළු වීමේ හැකියාවක් තිබෙන බවට ද අනතුරු ඇඟවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *