ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩ බලන නීතිපති ධූරයෙහි හෙට (01) දිවුරුම්දීමට නියමිතය.
නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම්ගේ ධුර කාලය පසුගිය 26 වනදා අවසන් වීම සමග මෙම නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතිණි.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත්කිරිමට පියවර ගෙන ඇත.
නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතය. පාරින්ද රණසිංහ මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ. ඒ. පාරින්ද රණසිංහගේ පුත්‍රයෙකි.