වැඩබලන ආරක්ෂක ඇමති රුවන්!

May 13, 2019 at 2:47 pm | by admin

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීනයේ නිල සංචාරයකට එක්ව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත්කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනපති අද දිනයේදි චින සංචාරයකට එක්වූ අතර ඔහු නැවතත් 15 දා දිවයිනට පැමිණීමට නියමිතය. එතෙක් වැඩබලන ආරක්ෂක ඇමති ලෙස රුවන් විජයවර්ධන මහතා කටයුතු කිරීමට නියමිතය. ජනාධිපතිවරයා චීනයේ ආසියානු සංස්කෘතික සමුළුවකට සහභාගී වීමට නියමිතය.

2009 වර්ෂයට පසු ජනාධිපතිවරයකු විදෙස්ගත වන විට වැඩ බලන ආරක්ෂක ඇමතිවරයකු පත් කළ පළමු අවස්ථාව මෙයයි. ඒ පසුගිය වසර 10ක කාලය පුරා මේ රටේ කිසිදු ත්‍රස්තවාදයක් නොතිබුණු නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස