වැටුණු රට සෙමෙන් නැඟිටියි… 5.3%ක ආර්ථික වර්ධනයක්…!

June 14, 2024 at 4:57 pm | by emanisa.lk

2024 වර්ෂයේ පළමු කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය 5.3%ක වර්ධනයක් අත්කර ගෙන තිබේ.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව 2023 වසරේ පළමු කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 3,161,963ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේ පළමු කාර්තුවේ දී රුපියල් මිලියන 3,329,583ක් ලෙස වාර්තා වී තිබේ.

2024 වසරේ පළමු කාර්තුවේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙළින් 1.1%, 11.8%ක් හා 2.6ක් ලෙස ධන වර්ධනයක් වාර්තා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *