පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැතැයි ජනාධිපති කිව්වත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බද්ද ඉවත් කරගන්නා බව කියනවා නම් සතුටු වෙන බව කී මන්ත්‍රීවරයා, මූල්‍ය අරමුදලේ ගිවිසුම වචනයක්වත් වෙනස් කරන්නට බැරි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා තිබෙන්නේ යැයි ද සඳහන් කළේය.
ඊළඟ මාස හතරේ නිර්මාණය වන අලුත් ආණ්ඩුව යටතේ මේ අසාධාරණ බදු වෙනස් කරන බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.