වාහන ස්ටිකර් ඉවත් කරන්නැයි මැ.කොගෙන් නියෝග…!

September 10, 2024 at 10:14 am | by emanisa.lk

ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් වන බවයි.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි යනාදිය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අදාළ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බලප්‍රදේශයක්ම ආවරණය වන පරිදි හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *