මෙම මස අවසන් වන විට පෞද්ගලික වාහන මෙරටට ගෙන්වීම ආරම්භ වන බව වෙළෙඳ, වාණිජ සමුපනාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
නැවත වාහන ගෙන්වීමට වෙළෙඳපොළ විවෘත කිරීමත් සමඟ නිවෙස්වල ඇති වාහන අඩු මිලකට ගැනීමට ඇතැමුන් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කරයි.
එම වාහනවල වටිනාකම අඩු නොවන ලෙස බදු අනුපාතයන් තීරණය කර ඇති බවද ඔහු කියා සිටියි.
නැවත වාහන වෙළෙඳපොල මාෆියාවක් ඇති නොවන ආකාරයට සියල්ල තීරණය කර ඇති බවත් ඇමති සමරසිංහ කියයි.