වාහන තදබදය මඩින්න හමුදාව යෙදවීම නිසා රට මිලිටරිකරණය වෙලා! හමුදාවෙන් රට ගලවා ගන්න සජිත් අගමැති කරන්න! – අශෝක් අබේසිංහ

February 29, 2020 at 9:36 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සැලසුම්සහගතව රට මිලිටරිකරණයකට ලක්කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කරයි.

අද වන විට යුද හමුදාව මහා මාර්ගවල රථ වාහන හැසිරවීමට යොදා ගනිමින් සිටින බව ද සියලු සැලසුම් හා තීන්දු තීරණ ගැනීම සඳහා ද හමුදාව යොදා ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

එනිසා භීතියෙන් ජීවත් වන රටක් වෙනුවට නිදහසේ සිටිය හැකි රටක් වෙනුවෙන් සමගි ජන බලවේගය වටා එක්රොක් වන ලෙස ජනතාවට ආරාධනා කරන බවද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස