වාහනේ පදවපු පාඨලීට පොදු දේපළවලට හානිකිරීමේ චෝදනාව නැඟීම වැරදියි! මේ දේශපාලන දඩයම මම හෙළා දකිනවා! – මුජිබර් රහුමාන් වාහනය පැදවූයේ රාජිත බව කියයි..(video)

December 20, 2019 at 5:28 pm | by emanisa.lk

යතුරු පැදිකරුවා ගැටී ඇත්තේ පාඨලී චම්පක රණවකගේ රථයේ පිටුපස බව බැලූ බැල්මටම පෙනෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

එහෙත් පොදු දේපළවලට හානි කිරීමේ චෝදනාව එල්ල වී ඇත්තේ යතුරු පැදිකරුට නොව වාහනය පැද වූ පාඨලී චම්පකට බව ඔහු පවසයි.

එහෙයින් මෙය එළඹෙන මහ මැතිවරණයට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිය ගන්වා ඔවුන්ගේ කටවල් වසා 2/3 බලය ලබා ගැනීමේ උත්සාහයක් පවතින්නේ ද යන සැකය මතු වන බවට ද ඔහු චෝදනා කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස