වාහනය ආනයනය 50%කින් බසී!

March 17, 2019 at 1:08 pm | by admin

ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී පෞද්ගලික භාවිතය සඳහා පිටරටින් වාහන ගෙන්වීමට වැය කළ මුදල සීයයට පනහකට ආසන්න ප්‍රමාණයකින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

වසර 2018 ඔක්තෝබර් මාසයේ පෞද්ගලික භාවිතය සඳහා රථ වාහන මෙරටට ගෙන්වීමට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 160.8ක මුදලක් වැය කොට තිබේ. එතරම් විශාල මුදලක් වැය කොට පිටරටින් වාහන ගෙන්වීම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට බලපෑවේය.

ඒ නිසා ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කිරී‌මේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සීමා කිරීමේ වැඩපිළිවෙළ හඳුන්වා දුන්නේය.

ඒ අනුව ඉකුත් ඔක්තෝබර් මාසයේ ආනයනික වියදමට වඩා අඩු වියදමක්, එනම් ඩොලර් මිලියන 77.3ක් දෙසැම්බර් මාසයේදී වැයකොට ඇතැයි මහ බැංකුව කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *