වාසුදේව ඉල්ලා අස්වෙයි.. නායකත්වය ජනිපෙ නිරෝෂන්ට…!

July 16, 2024 at 5:02 pm | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වය හේතුවෙන් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව එහි තාවකාලික නව නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න පත් කර තිබේ. ඔහු විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.

එහි නිල උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (16) පස්වරු 2 ට පැවැත්වේ.

එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි සඳහන් කළේ පක්ෂයේ වැඩකටයුතු ක්‍රියාකාරීව සිදු කිරීම සඳහා නව තරුණ නායකයෙකු පත් කර ගැනීමට තීරණය කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *