වාණිජ ව්‍යාපෘති කරන්න නාවික හමුදාවට බෑ…! ඇවන්ගාර්ඩ් සමාගමට ව්‍යාපාරික කටයුතු සඳහා කැබිනට් අනුමැතිය….!

August 10, 2021 at 9:07 am | by emanisa.lk

සමුද්‍රාරක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපෘතිය පෙර තිබුණු පරිදිම රක්නා ආරක්ෂක ලංකා සමාගමට සහ ඇවන්ගාඩ් සමාගමට යළි ලබා දීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාගේ නිර්දේශ ද සමඟිනි.

එහිදී නීතිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ වාණිජ නෞකා සඳහා ආරක්ෂක සේවා සැපයීමට පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑම සඳහා රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගම අතර ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය නීතියට පටහැණි නොවන බවය.

1950 අංක 34 දරන (සංශෝධිත) ශ්‍රී ලංකා නාවික හමුදා පනතේ ප්‍රතිපාදන අනුව නාවික හමුදාවට වාණිජමය කටයුතුවල නිරත වීමට අවසර ලබා දී නොමැති බවත් නීතිපතිවරයා පෙන්වා දී ඇති බව සඳහන් ය.

එසේ තිබියදී මෙම සමුද්‍ර ආරක්ෂණ සේවා සැපයීමේ වාණිජ ව්‍යාපෘතිය සහ පාවෙන අවි ගබඩාව 2015 වසරේ දී රජයට අයත් නාවික හමුදාව යටතට පවරා ගැනීම කිසිදු නීතියකට අනුකූල නොවන අතර කිසිදු නීතියකට අනුව සාධාරණීකරණය කළ නොහැකි බවත් පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *