ව්‍යාපාරික යුවළ තම සුපිරි තෙමහල් නිවස ආයුර්වේද රෝහලක් කරයි….!

May 25, 2021 at 9:55 am | by emanisa.lk

බදුල්ලේ පිහිටි සිය සුඛෝපභෝගී තෙමහල් නිවස ආයුර්වේද රෝහලක් සඳහා පරිත්‍යාග කිරීමට ව්‍යාපාරික යුවලක් කටයුතු කර තිබේ.

මෙම මහා පරිත්‍යාගය සිදුකර ඇත්තේ බදුල්ලේ බුද්ධදාස සමරජීව සහ අයිරින් හිද්ධාලියනගේ යුවළ ය.

බදුල්ල නගරයේ මහ රෝහලට නුදුරින් පිහිටි රුපියල් කෝටි තුනක් පමණ වටිනා සිය නිවස මෙලෙස පරිත්‍යාග කර තිබේ.

එය ආයුර්වේද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස විවෘත කළේ බුද්ධදාස සමරජීව රජයේ ආයුර්වේද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය යන නමිනි. ඌව පළාත් සභාව යටතේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් එය පාලනය වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *