ව්‍යාජ ලිපිනයකින් රෝහල්ගතව දරුවා බිහිකළ බේරුවල රතු කලාපයේ කතට කොරෝනා! කළුතර ගැබිනි වාට්ටුවක් වසා කාර්ය මණ්ඩලය නිරෝධායනයට!

April 4, 2020 at 12:12 pm | by emanisa.lk

බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ රතු අවදානම් කලාපය සිට ව්‍යාජ ලිපිනයක් ලබා දී අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වූ 28 හැවිරිදි කාන්තාවක් විශේෂ වාට්ටුවකදී දරුවකු බිහිකර තිබේ.

මෙම ගැබිනි කාන්තාව දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත.

අනතුරුව කළ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන අතර එම රෝහල් වාට්ටුව වසා දැමීමට සහ කාර්ය මණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට සිදුව තිබේ.

මෙම රෝගී කාන්තාවත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත පුද්ගල සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ. ඇගේ සැමියා මේ වන විට සැඟව සිටින අතර ඔවුන් සොයා බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *