කරූගේ ව්‍යවස්ථා සභාවට චමල් වෙනුවට සම්බන්දන්!

April 6, 2019 at 6:48 am | by admin

පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් පත්කිරීමට අද දින රැස්වීමේ දි නිර්දේශ කෙරිණි.

මුලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකාබද්ධ විපක්ෂයට නියෝජනයක් ලබා නොදුන් අතර චමල් රාජපක්ෂ එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ ආර්. සම්බන්ධන්ගේ නියෝජිතයා ලෙස ඊ⁣ට සම්බන්ධ විය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ළැදි බහුතරයකින් සමන්විත ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභාව ඉතාම පක්ෂග්‍රාහී ආයතනයක් ලෙස දැඩි විවේචනයට ලක් වෙයි.

ව්‍යවස්ථාදායක සභාව කෙතරම් පක්ෂග්‍රාහී ආයතනයක් ද කිවහොත් ඊට එරෙහිව අධිකරණ විනිසුරුවරු පිරිසක් ද නඩු දමා තිබේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(05) පස්වරුවේ එහි සභාපති කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස