ව්‍යවස්ථාව කැඩූ සුමන්දිරන්ට සහ ශ්‍රීධරන්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි!

March 22, 2019 at 9:40 am | by admin

දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් සහ එස්. ශ්‍රීධරන් යන මන්ත්‍රිවරැන් ජිනිවා නුවරට ගොස් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට විරැද්ධව අදහස් පළකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන (21දා) පැවසීය.

මේ සම්බන්ධව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාව තිබෙන බවත්, ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහජන එක්සත් පෙරමුණ විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය බටහිර රටක විදේශ අමාත්‍යංශයක් ලෙස කටයුතු කරන බවත්,ලෝකයේ වෙනත් කිසිදු රටක මෙවැනි තත්ත්වයක් දැකිය නොහැකි බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස