ව්‍යවස්ථාදායක සභාවෙන් ප්‍රමෝෂන් ගන්න නම් රෑට රෑට කරූ හමුවෙන්න ඕන!

February 15, 2019 at 5:00 am | by admin

ව්‍යවස්ථාදායක සභාවෙන් උසස් වීම් ලබා ගැනීමට නම් රෑට රෑට ගොස් කථානායක හමුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පවසයි.

කොළඹ පරිවර්තන කේන්ද්‍රයේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීවේය.

කථානායකවරයා ව්‍යවස්ථාදායක සභාව තුළ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන බවට ද හෙතෙම චෝදනා කරයි.

“ස්වාධීන කොමිෂන් සභා ගැන විශාල ලෙස පසුගිය දවස්වල කතාබහට ලක්වුණා. ව්‍යවස්ථාදායක සභාව විනිසුරුවරුන් පත් කිරීමේදී ඔවුන්ගේ ජේ‍යෂ්ඨත්වය නොතකා ඔවුන්ව දඩයම් කරනවා. විනිසුරුවරුන් සාමාන්‍ය අධිකරණයෙන් මහාධිකරණයට උසස් කිරීමේදී ජ්‍යේෂ්ඨත්වය බලපාන්නේ නැත්නම් මොකක්ද බලන්නේ? කතා කරපු නඩු ගාණ බලන්නද?”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *