ව්‍යාපාරික ලොව දැවැන්තයා හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි…!

February 3, 2025 at 10:35 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලද හැරී ජයවර්ධන මහතා කලක සිට රෝගාතුරව සිටි අතර මිය යන විට 82 වන වියේ පසු විය.

2008 වසරේදී ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නම් කළ ජයවර්ධන මහතා, මෙරට ඩෙන්මාර්ක කොන්සල් ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.

ජයවර්ධන මහතා මිය යන විට මෙල්ස්ටාකෝප් පීඑල්සී හි සභාපතිවරයා ලෙස මෙන්ම ඩිස්ටිලරීස්, ශ්‍රී ලංකා පීඑල්සී, ලංකා බෙල් සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වල ද සභාපතිත්වය දැරීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *