ව්‍යාපාරිකයාගේ ගෙල මිරිකා බෑගය කොල්ල කාල…! ජනපති මැදුරට පහර දුන් අරගලකරු අත්අඩංගුවට..!

September 21, 2022 at 7:42 am | by emanisa.lk

ව්‍යාපාරිකයකුගේ ගෙල මිරිකා මුදල් අඩංගු බෑගයක් යැයි සිතා වෙනත් භාණ්ඩ කිහිපයක් අඩංගුව තිබූ බෑගයක් කොල්ලකෑ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ඇතුළු තිදෙනකු ඊයේ(20) බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරු හිටපු හමුදා සෙබලෙක් බවත් සැකකරුවන් සමග කොල්ල කන ලද භාණ්ඩ අඩංගු බෑගය සහ කොල්ලකෑමට පැමිණි යතුරු පැදිය ද සොයා ගත් බව පොලිසිය පවසයි.

රාත්‍රී කාලයට පමණක් විවෘත කර තිබෙන පැපිලියාන ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලක හිමිකරු, වෙළඳසැල වසා බස් රථයක් පැමිණෙන තුරු අද අළුයම වෙළඳසැල ඉදිරිපිට රැඳී සිටියදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ.

කොල්ලයේ ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා සෙබලා අරගල නායකයෙකු වන අතර ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ තලංගම නිවසට පහර දීම හා මොරටුව නගරාධිපතිවරයාගේ නිවසට පහර දී ගිනි තැබීමට සම්බන්ධ පුද්ගලයෙකු බවත් අනාවරණය වී තිබේ.

පොලිස් නිලධාරීන් ඔහුගේ නිවස සෝදිසි කිරීමට ගිය අවස්ථාවේ දී රාජකාරියට බාධා කරමින් හැසිරී එය වීඩියෝ දර්ශනය කර සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරි පුද්ගලයා මොහු බවත් පොලිසිය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *