ව්‍යවස්ථාවේ එල්ලී බලයේ රැඳී සිටින්න ආණ්ඩුවට අයිතියක් නෑ…! – අනුර….

May 9, 2022 at 9:56 am | by emanisa.lk

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වෙනවා වෙනුවට හදිසි නීතිය දමා ජනතාව මර්දනය කළහොත් ගෙල මුලටම සිරවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අනතුරු ඇඟවයි.

රටේ හදිසි නීතියක් ක්‍රියාත්මක කිරීමට ජනතාව ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු නොකළ බව ද ජවිපෙ නායකයා කීය.

ජනතාවට විස¾දුම් දෙනවා වෙනුවට මේ වන විට හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම, කඳුළු ගෑස්, ප්‍රහාර වැනි මර්දන නීති අතට ගැනීම තුළම ආණ්ඩුවේ බියගුලු බව ඔප්පු වී ඇති බවයි ජවිපෙ නායකයා පෙන්වා දුන්නේ.

දීර්ඝ කාලයක් තිස්සේ ජනතා ගැටලු විසඳනවා වෙනුවට කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරමින් නාස්ති කළ පාලකයන් ආර්ථිකය මෙවැනි අනතුරකට පත්කර ඇති බවට ජවිපෙ නායකයා චෝදනා කළේය.

විශේෂයෙන්ම ගෝඨාභය, මහින්ද ඇතුළු නඩය ලංකාව යනු ඔවුන්ගේ බූදලයක් නොවන බව සෑම මොහොතකම අවබෝධ කරගත යුතු බවත් මේ රට පොදු ජනතාවගේම රට බවත් හෙතෙම පැවැසීය.

මේ මොහොතේ ජනතාවට සටන් වැදීමට සාධාරණ අයිතියක් ඇති සේම මේ හොර පාලකයන්ට විරුද්ධව තව දුරටත් ජනතාව නැඟී සිටිය යුතු බව පැවැසූ මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආණ්ඩුව තව දුරටත් ව්‍යවස්ථාවේ වගන්තිවල හෝ වැකිවල එල්ලී සිට බලය රඳවා ගැනීමට මේ දරන උත්සාහය වහාම නතර කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *