වහා ම ජනපති පුටුව අතහැර ගෙදර යනු…! සුමන්දිරන්ගෙන් ජනපතිට දෝෂාභියෝගයක්…!

April 29, 2022 at 9:48 am | by emanisa.lk

අර්බුදය විසඳීම සඳහා පළමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් වහා ම ඉවත් විය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

විශාල වෙනසක් සිදුකරන බව මවා පාමින් පුටු මාරු කරමින් ජනතාව නොරැවටිය යුතු බව ද ඔවුහු අවධාරණය කරති.

සිංහල ජනතාව ඉතා ම මැනවින් දන්නා පරිදි තම සියලු ක්‍රියාකාරකම් යොමු වී ඇත්තේ ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා බව ද දෙමළ ජාතික සන්ධානයේ පෙන්වා දෙයි.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන අතර එක්සත් ජාතික පක්ෂය දැනටමත් ඊට සිය සහාය ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *