වහාම පළාත් සභා මැතිවරණය තබනු! – කැෆේ

February 7, 2019 at 7:46 am | by admin

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ සැලසුම් කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක නොකර වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් සඳහන් කළේ මේ වනවිට පවතින ජාතික දේශපාලන ගැටලුව වෙනුවෙන් පළාත් සභා බිල්ලට නොදිය යුතු බවයි.

වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවැසීය.වර්තමානය වනවිට ඇතැම් පාර්ශ්ව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කරමින් මැතිවරණය කල් දැමීමේ සූක්ෂ්ම ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. එකම පක්ෂයේ මන්ත්‍රිවරු සහ ඇමැතිවරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පරස්පර මත ඉදිරිපත් කරමින් සිටිනවා. ඒවායේ අරමුණ ජනතාව නොමඟ යවා පළාත් සභා මඟහැර ජනාධිපතිවරණයක් පැවැත්වීමයි. ජනාධිපතිවරණය ප්‍රමුඛත්වයෙහිලා සැලකීමෙන් ජාතික දේශපාලනය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති බව තහවුරු වෙනවා. ජාතික දේශපාලනයේ පවතින අර්බුදකාරී තත්ත්වයක් වෙනුවෙන් පළාත් සභා මැතිවරණය බිල්ලට දිය යුතු නෑ.

උතුරු පළාතේම මන්ත්‍රිවරු 38ක්, නැඟෙනහිර පළාතේ 37ක්, සබරගමුව පළාතේ 44ක්, උතුරු මැද පළාතේ 33ක්, වයඹ 52ක් සහ මධ්‍යම 58ක් ආදී වශයෙන් පසුගිය පළාත් සභාවලට පත්කර තිබිණි. මේ වනවිට එම සියලු පළාත් සභාවල නිල කාලය අහෝසි වී ඇති නමුත් තවදුරටත් මැතිවරණය නොපවත්වා සිටින්නේ කාගේ වුවමනාවටද. මැතිවරණ කල්දැමීමේ සැලසුම් අකුළා දමා වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස