වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවතට ඇඳිරි නීතිය!

May 12, 2019 at 12:58 pm | by admin

හලාවත නගරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීම සඳහා හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ අනුව මේ මොහොතේ පටන් හලාවත ප්‍රදේශයට ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම ඇඳිරි නීතිය පැනවීම වාර්තා වන්නේ රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු කර ඇතැයි ද එහෙයින් ළමුන් පාසල් යාම ඇතුළු සියලු සාමාන්‍ය කටයුතු ආරම්භ කළ යුතු යැයි රජය පවසන පසුබිමකය.

හලාවත ප්‍රදේශයේ කෝටිපති මුස්ලිම් රෙදිපිළි වෙළෙඳසැල් හිමියකුගේ පුතෙකු තැබූ තර්ජනාත්මක ෆේස්බුක් සටහනකට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බවත් එහෙයින් ඇඳිරි නීතිය පැනවූ බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස