වහාම කට වහගනු! සජිත්ගේ වේදිකාවක් අමතමින් සිටියදී ලැබුණු තුණ්ඩුවෙන් ෆීල්ඩ් මාර්ෂල්ට යකා නඟී… ප්‍රසිද්ධියේ බැණ වදී….. (video)

October 31, 2019 at 11:49 am | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ වේදිකාවක් අමතමින් සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට වහාම සිය කතාව නතර කරන ලෙස දැනුම් දීමට සංවිධායකයින් කටයුතු කර ඇත.

ඒ සමග කෝපයට පත් සරත් ෆොන්සේකා ප්‍රසිද්ධියේම ඊට විරෝධය පළකරමින් බැණ වැදුණු අතර තමාට කතාව නතර කරන ලෙස කිසිවකු මෙතෙක් නියෝග කර නොමැති බවත් සඳහන් කළේය.

ඒ අවස්ථාව වන විට සරත් ෆොන්සේකා මැතිවරණ කොමසාරිස්වරයාට බැණ වදිමින් සිටි අතර ෆීල්ඩ් මාර්ෂල් ධුරය දේශපාලන කටයුතුවලට අවභාවිත නොකරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ඔහුට ආරක්ෂක ලේකම් මාර්ගයෙන් ලිඛිතව දැනුම් දී තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස