කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් ඉදිරි මාස 03 තුළ අවසන් නොකළොත් ජපන් රජයට පැමිණිලි කර අසාදු ලේඛන ගත කරන බවට අදාළ ඉදිකිරීම් සමාගමට ඇමති ප්‍රසන්න රණතුංග අනතුරු අඟවා තිබේ.
මෙම අංගනයේ ඉදිකිරිම් මැයි මස 31 වන දින වන විට අනිවාර්යෙන් ම අවසන් කල යුතු බව ද ඇමතිවරයා එම සමාගමට දැඩි ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.
කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධනය ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක දි ඇමති ප්‍රසන්න රණතුංග මේ බව අවධාරණය කර තිබිණි.
කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලින් එකක් වන්නේ එහි නව ගුවන් යානා අංගනය ඉදි කිරීමයි. ඒ සදහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 06 කි. අදාළ ජපන් සමාගමට මෙම කොන්ත්‍රාත්තුව පැවරී ඇත්තේ 2017 වසරේ අප්‍රේල් මාසයේ දීය. 2019 ඔක්තෝම්බර් මාසයේ දි මෙහි ඉදිකිරීම් අවසන් කළ යුතු වුව ද අවස්ථා 04 කදී මෙහි කාලය දීර්ඝ කර තිබේ.
එලෙස දීර්ඝ කර තිබු කාලය ද පෙබරවාරි 28 වෙනි දා අවසන් වුව ද එහි වැඩ අවසන් ව ඇත්තේ 75%ක ප්‍රමාණයක් පමණයි. මෙම ඉදිකිරීම් කටයුතු අවසන් නොවීම නිසා ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් මේ නිසා ගුවන් තොටුපළට දැඩි අලාභයක් සිදුවන බවත් ගුවන් තොටුපළ බළධාරීහු මෙහි දී පෙන්වා දුන්නේය.
ඇමති ප්‍රසන්න රණතුංග මෙහි දී අදාළ කොන්ත්‍රාත්කරුවන්ගෙන් විමසා සිටියේ මෙම ප්‍රමාදයට හේතුව කුමක් ද යන්නයි. ගංගා වැලි සොයා ගැනිමට නොහැකි වීම නිසා මෙම තත්ත්වය ඇති වු බව කොන්ත්‍රාත් සමාගම සඳහන් කරයි.
මුහුදු වැලි උපයෝගී කරගෙන ඉතිරි වැඩ අවසන් කිරීමට සමාගම අනුමැතිය ඉල්ලා සිටිය ද ගුවන් තොටුපළ ඉංජිනේරු අංශය ඊට සිය විරෝධය පළ කර තිබේ. ” ඔබ මේ කොන්ත්‍රාත්තුව නිම කරලා යයි. නමුත් ගුවන් තොටුපළ පවතින්න ඕන. එකිනෙකාට දොස් පවරා ගැනීමෙන් වැඩක් නෑ. මේ කොන්ත්‍රාත් එක අවසන් කරන විදිහ කියන්නයැ‘යි ඇමතිවරයා සාකච්ඡාවට සහභාගී වු කොන්ත්‍රාත් සමාගමට හා උපදේශක සමාගමට පවසා ඇත.
මැයි මස 31 දින වන විට ඉදිකිරීම් අනිවාර්යෙන් ම අවසන් කළ යුතු බව නියෝග කළ ඇමතිවරයා මෙම ප්‍රමාදය නිසා ගුවන් තොටුපළට සිදුවන පාඩුව සමාගමෙන් අය කර ගැනිමටත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය මගින් විශේෂ කමිටුවක් පත් කර මෙම කටයුතු දිනපතා අධික්ෂණය කිරිමටත් මේ පිළිබද ව ජපන් තානාපති කාර්යාලය හා ජයිකා ආයතනය සමග සාකච්ඡා කිරිමටත් තීරණය කෙරිණි.
“මේ ඔයගොල්ලන්ට දෙන අවසාන අවස්ථාව. මේක මැයි 31 වන විට අවසන් නොකළොත් ජපාන රජයට පැමිණිලි කරලා බ්ලැක් ලිස්ට් (අසාදු ලේඛන) කරනවා. ඒ එක්කම අපට සිදු වු අලාභය සම්පූර්ණයෙන් ම අය කර ගන්නවා. හේතු දක්වමින් ඉන්නේ නැතිව වැඩේ ඉවර කරන්න. අපි එහෙම කළොත් ලෝකේ කොහෙවත් කොන්ත්‍රාත් කරන්න බැරි වේවි ” යැයි ඇමතිවරයා මෙහි දී අදාළ සමාගමට දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.