වහාබ්වාදී බෝම්බ පිපිරෙද්දී තහනම් වුණේ වඩුමඩු! – මොහොමඩ් මුසම්මිල්

June 8, 2019 at 8:37 pm | by emanisa.lk

මුස්ලිම් අමාත්‍යවරු සිය ධුරයන්ගෙන් ඉවත් වීම තුළින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්ලවූ චෝදනාවලින් මිඳීමට ඔහුට අවස්ථාව සලසාදුන් බව ජාතික නිදහස් පෙරමු‍ණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

අද (08) එම පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කළේ එළඹෙන 11 වැනිදා රිෂාඩ් බදියුදීන්ගේ චෝදනාවලට එරෙහි සාක්ෂි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ලාංකීය ඉතාහිසයේ පළමු වතාවට මුස්ලම් අමාත්‍යවරු සියල්ල තම ධුරවලින් ඉවත්ව තිබෙන බවත්, වසර ගණනවාක් තිස්සේ සියලු ආණ්ඩු නියෝජනය කළ මෙම දේශපාලකයන් මුස්ලිම් ජනතාව වෙනුවෙන් අවම සාධාරණයවත් ඉටු කළේ නැති බවත් ඔහු එහිදි පැවසීය.

ඒ වෙනුවට මොවුන් සිදු කළේ ඔවුන්ගේ ඡන්දය කොල්ල කා මාරුවෙන් මාරුවට සියලු ආණ්ඩුවල තනතුරු වරප්‍රසාද දැරීම පමණක් බවත් මෙම මුස්ලීම් දේශපාලකයන් මේ මොහොතේ ඉටු කරමින් සිටින්නේ සහරාන්ගේ බලාපොරොත්තුව දැයි තමන් ප්‍රශ්න කර සිටින බවත් ඔහු එහිදි මාධ්‍යට පැවසීය.

පිපිරී ගියේ වහාබ්වාදී බෝම්බ වුවත් තහනම් කළේ වඩුමඩු බවත් පැවසූ හෙතෙම ජනාධිපතිවරයා මෙන්ම රංජන් රාමනායක වැනි විහිළුකාර මන්ත්‍රීවරුන් සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට වෙනත් මාතෘකා කරලියට ගෙන එන බවට ද චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස