වස පොහොර ඉල්ලා ජනතාව කුලප්පු කරන්නේ මාධ්‍ය මාෆියාකාරයෝ….! – ප්‍රසන්න රණවීර…

June 30, 2021 at 7:21 am | by emanisa.lk

රසායනික පොහොර ඉල්ලා ජනතාව කුලප්පු කරමින් සිටින්නේ මාධ්‍ය මාෆියාවන් විසින් බව මැටි කර්මාන්ත හා වේවැල් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අවධාරණය කරයි.

“අද රසායනික පොහොර ඉල්ලලා නොයෙකුත් මාධ්‍ය මාෆියාවල් තමයි මේවා සිදුකරන්නේ, මිනිස්සු කුලප්පු කරන්නේ. ඔය පොහොරවල විශාල ගැහිලි අපි දන්නවා.

මගෙ ගමේ තමයි පොහොර කර්මාන්තශාලා දෙක ම තියෙන්නෙ. කාබනික පොහොරවලට හිස ඔසවන්න දෙන්නෙ නෑ ඒ මාෆියාවල්.”

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මේ බව පැවසුවේ ඊයේ (29) මතුගම ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *