වසර 74ක් පැරණි ශ්‍රී රාහුල විද්‍යාලයේ බස්නාහිර මහ ඇමති අප්‍රේල් 01 වෙනිදා තමන්ගේ නම ගහලා!

April 3, 2019 at 7:29 am | by admin

ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ මාදිවෙල පිහිටි වසර 74ක් පමණ පැරණි ශ්‍රී රාහුල විද්‍යාලය පසුගිය සමයේ පළාත් සභා ප්‍රතිපාදනවලින් සංවර්ධනය කිරීමට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය කටයුතු කළේය.

අදාළ සංවර්ධන කටයුතුවලින් අනතුරුව අප්‍රේල් 01 වෙනිදා ශ්‍රී රාහුල විද්‍යාලයේ උත්සවයක් පැවති අතර එහිදී විද්‍යාලයේ නාමය ඉසුරු විද්‍යාලය ලෙස වෙනස් කර තිබේ. එනම් මෙතෙක් විරාජමාන ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල නාමය වෙනුවට මහ ඇමතිගේ නමින් පාසල නම් කර ඇත.

සැළලිහිණි සන්දේශය, පරෙවි සන්දේශය සහ කාව්‍යශේඛරය ආදී මාහැඟි කෘති සමූහයක් රචනා කරමින් සිංහල සාහත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි කෝට්ටේ යුගයේ වැඩ වාසය කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන වැනි විපක්ෂ දේශපාලනඥයන් ද සහභාගී වී සිටිනු දැකිය හැකි විය. මෙම අවකල් ක්‍රියාවට ප්‍රදේශවාසී බොහෝ දෙනෙකු එරෙහි වී ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *