වසර 4ක් තිස්සේ විදුලි ජනන සැලැස්ම බල්ලට දමා වැඩි මිලට විදුලිය ගන්න මණ්ඩලේ සූදානම්!

April 4, 2019 at 11:52 am | by admin

විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගාවොට් 100 ක ධාරිතාවක් හදිසි මිලදී ගැනීමක් සඳහා පෞද්ගලික සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි වාර්තා වෙයි.

ඇග්‍රිකෝ, වී පවර් සහ අල්ටාස් ඕල්ඩර්නේටිව් නැමැති විදුලි ජනන සමාගම් ටෙන්ඩර් පටිපාටියට අනුව තෝරාගෙන තිබෙන අතර එම ආයතන සමඟ තවත් දින කිහිපයක් ඇතුළත ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියයි.

මෙම ආයතනවලින් විදුලිය ඒකකයක් රුපියල් 28 – 30 ත් අතර මිලකට මාස 6 ක් විදුලිය මිලදී ගැනීමට නියමිතය. එමගින් රටපුරා අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබාදිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

පසුගිය වසර හතර තිස්සේ ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා කිසිදු බලාගාරයක් ඉදිනොකළ බලධාරීන් සෝලා පවර් සැලසුම් සඳහා අවසර ලබා දුන්නේ ද නැත. නිවසේ සෝලා පවර් විදුලි බලය නිපදවන අයගේ අතිරික්ත විදුලි බලය ජාතික පද්ධතියට එකතු කර ගැනීමට කටයුතු කළේ ද නැත.

මේ ආකාරයට කෘත්‍රිම විදුලි හිඟයක් නිර්මාණය කරන්නේ හදිසි මිල දී ගැනීම්වලට ගොස් කෝටි ගණන් මුදල් වංචා කිරීමට බව බොහෝ පාර්ශව පසුගිය සමයේ චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස