වසර 24කට පසු එජාප ජනාධිපතිවරයෙක් මේ වසරේ පත් කරනවා! එය චන්ද්‍රිකාගේ ජයග්‍රහණයට පසු ලබන විශාලතම ජයග්‍රහණයයි!

April 21, 2019 at 7:10 am | by admin

බොහෝ අමාරුවෙන් පත්කළ ආණ්ඩුව කිසිවකුට ලේසියෙන් පහසුවෙන් පෙරළීමට ඉඩ නොතබන බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.

එසේම මේ අවුරුද්ද අවසානයේ වසර 24කට පසු එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම නතර කිරීමට කිසිවකුට නොහැකි බව ද ඇමතිවරයා පවසයි.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට පසු ලබා ගන්නා විශාලතම ජයග්‍රහණය එම ජනාධිපතිවරණයේ දී එජාප අපේක්ෂකයාට ලබා දෙන බව ද හෙතෙම අවධාරණය කරයි.

අමාත්‍ය මංගල සමරවිරගේ තිස් වසරක දේශපාලන දිවියේ මතක සැමරුම් පිළිබඳ මාතර නූපේ පිහිටි පැරණි ඕලන්ද වෙළෙඳ මධ්‍යස්ථානයේ දී පැවති ඡායාරූප ප්‍රදර්ශනයට ඊයේ (20) එක්වෙමින් මාධ්‍ය වෙත ඇමතිවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස