වසර 10 කොන්දේසිය සමග පැන්ෂන් හිමි මන්ත්‍රී පිරිස බසී…!

November 20, 2021 at 7:19 pm | by emanisa.lk

2019 වත්මන් රජය බලයට පත්වන විට හිටපු මන්ත්‍රීවරුන් 454 දෙනෙක් මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලැබීමට හිමිකම් ලැබ සිටි අතර ඒ 1970 සිට මේ දක්වා වරින් වර මැති සබය නියෝජනය කළ මැති ඇමැති පිරිසකි.

මෙම අයවැය ඉදිරිපත් වන තෙක් වසර 5ක් මැතිසබයේ සේවය කළ මන්ත්‍රීවරයකුට සියලු දීමනා ද එකතුව මසකට රු. 50,100ක පමණ විශ්‍රාම වැටුපක් ලැබිණි.

කෙසේ වුව ද මෙවර අයවැය ලේඛනය අනුව මන්ත්‍රී විශ්‍රාම වැටුප් හිමිකම සඳහා වසර 10ක මැති සබා කාලයක් අඛණ්ඩව සම්පූර්ණ කළ යුතු බැවින් දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීන් 454 දෙනාගේ ප්‍රමාණය අඩුවනු ඇතැයි දැනගන්නට තිබේ. ඒ අනුව මෙතෙක් වසර 10කට අඩු කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විශ්‍රාම වැටුප ලද පිරිසට ජනවාරි මස සිට සිය විශ්‍රාම වැටුප අහිමි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *