වසර 05ක් රටේ සිදුකළ සංවර්ධනය ඉදිරියට ගෙන යන්න සජිත් ජනපති කරලා මම අගමැති කරන්න! – රනිල්

October 7, 2019 at 9:45 am | by emanisa.lk

වසර පහක් පුරා රටේ සිදු කළ සංවර්ධනය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කරන ලෙස අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (06) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

බලය අමුතුවෙන් ලබා ගැනීමට නොමැති බවත් ඇති බලය තහවුරු කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන බවත්, පොහොට්ටුවට හිස එසවීමට ඉඩ නොදෙන බවත් පැවසු අගමැතිවරයා ඔවුන් පවසන ආකාරයට බඩු මිල අඩු කරන්නේ කොහොමද යන්න පැහැදිලි කරන්නැයි ද ඉල්ලා සිටියේය.

වේදිකාවට පැමිණ ඒ ගැන කථා කරන ලෙසත් පැවසූ අගමැතිවරයා, ජනතාවගේ බඩට ගසා නැවත බඩට ගැසීමට යනවා දැයි ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළ හැකි පැවසු අගමැතිවරයා, රට තුළ වසර 5 ක් ඇති කළ ප්‍රගතිය ඉදිරියට ගෙන යෑමට නම් සජිත් ප්‍රේමදාස දිනවිය යුතු බවද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස