බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබීය.
පසුගිය මාර්තු මස 28 වැනිදා කොළඹ මහාධිකරණය බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කෙරුණි.
ඒ, කූරගල විහාරස්ථානය පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමෙන් ආගමික සමගිය කඩකළ බවට ගොනු කර තිබූ නඩුවක තීන්දුව ලබා දෙමිනි.