වසර හතරක කොටි නාඩගම් ඉවරයි! මින් මතු උතුරු නැඟෙනහිර කොටි සැමරුම් බෑ!

November 21, 2019 at 10:13 am | by emanisa.lk

වසර හතරක් තිස්සේ උතුරු නැ‌ඟෙනහිර පැවැත් වූ සියලු කොටි සැමරුම්වලට නැවත අවසර නොලැබෙන බවත් ඒ්වා වැළැක්වීමට ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බවත් වාර්තා වෙයි.

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවැසීය.

කොටි සංවිධානය තහනම්ව තිබියදී නීතිරීති උල්ලංඝනය කරමින් කොටි සුසාන භූමි පහක කොටි සැමරීමට ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් ක්‍රියාකර තිබුණි.

පසුගිය සිව්වසර තුළ කොටි සමරු උත්සව මහා පරිමාණයෙන් පැවැත්වීම පැවති අතර මෙම සමරු උත්සව පැවැත්වීම සඳහා මෙරව ද උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමි පහක් එළිපෙහෙළි කර ඇත. එම ‌‌ත්‍රස්ත සැමරුම්වලට පසුගිය සමයේ රාජ්‍ය ආරක්ෂාව ද ලැබිණි.

පසුගිය වසරේදී ද්‍රවිඩ දේශපාලකයකු උතුරේ කොටි සුසාන භූමියක් විදුලි ආලෝකවත් කිරීමට සිය අරමුදලින් මුදල් සපයා තිබුණි. රටේ නීතිය සියලු දෙනාට පොදු බවත් තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් සැමරීමට මින් මතු ඉඩ නොලැබෙන බවත් ආරක්ෂක අංශ අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස