තමන් ආණ්ඩුව සමග ඩීල් දමමින් පුතුගේ නමට රජයේ ඉඩම් අක්කර 12ක් ලබා ගෙන ඇතැයි ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ නගන චෝදනා අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.
තමන්ට පුතකු නැති බව ද ඇත්තේ දියණියන් දෙදෙනෙකු බව ද පෙන්වා දෙන කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාසට රටේ ඇති ජන රැල්ල දැක බියට පත්ව මෙම අසත්‍ය චෝදනා නගන බවට චෝදනා කරයි.
තම පරම්පරාව සතු බොහෝ ඉඩම් සිරිමා බණ්ඩාරනායක පාලනය යටතේ රජයට පවරා ගත් බවත් කෑගල්ල අඹන්පිටිය වත්තෙන් නිත්‍යානුකූල ලෙස හිමි විය යුතු අක්කර 39ක ඉඩම් කොටසින් මෙතෙක් හිමි නොවූ ඉඩම් කොටසක් පමණක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මගින් තමන්ට ලබා දී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.