වසන්ත මට දූෂණ චෝදනා එල්ල කිරීම ගැන අනුරත් පුදුම වුණා…! – මෛත්‍රී…

May 4, 2022 at 7:00 pm | by emanisa.lk

වසන්ත සමරසිංහ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දූෂණ චෝදනා එල්ල කිරීම පිළිබඳ අනුර දිසානායක පුදුම වී ඇතැයි මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (04) මාධ්‍ය හමුවක දී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වසන්ත සමරසිංහ එවැනි ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි තමන් කිසිසේත් බලාපොරොත්තු නොවූ බව ද ජවිපෙ නායකයා ප්‍රකාශ කළ බවයි.

එම ප්‍රකාශය සිදුකළ වහා අනුර දිසානායක ඒ පිළිබඳ වසන්තගෙන් ප්‍රශ්න කර ඇති අතර එහි දී ඔහු පවසා ඇත්තේ තමා සතුව අදාළ වංචාව පිළිබඳ ලිඛිත වාර්තා ඇති බවය.

මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ තමන්ට හෝ තම පවුලේ කිසිවෙකුට කිසිම දිනයක මහජන දේපළ වංචා කළ බවට කිසිදු චෝදනාවක් ඇත්නම් එම ලිපි ලේඛන හැකි ඉක්මනින් නීතිපතිවරයාට යොමු කොට නඩු පවරන ලෙසය.

එසේ නොමැතිව එම අභූත චෝදනාවලට තමන් අපහාස නඩු දැමීමෙන් පලක් නැති බවත් ඒවායේ තීන්දු ලැබෙන්නට අවුරුදු 10ක් පමණ ගතවන බවත් එහි දී වැඩි දුරටත් ප්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *