කොළඹ සිට කිලෝ මීටර් 200කට ඔබ්බෙන් ඉන්දීය වෙරළේ ආදානි සමාගම වරායක් ගොඩනඟමින් පවතින බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසයි.
එම සමාගම නැඟෙනහිර පර්යන්තයේ 49%ක් ලබා ගෙන අපට හිතවත් ලෙස කටයුතු කරනු ඇතැයි සිතන්නේ දැයි එහිමියන් ප්‍රශ්න කරයි.
එහෙයින් වරාය මුල් කරගෙන ආණ්ඩු විරෝධී මහ රැල්ලකට ඉඩ නොතිබන ලෙස නාලක හිමියෝ රජයෙන් ඉල්ලා සිටියහ.