වරාය බටහිර පර්යන්තයත් ඊයේ අහිමි වුණා…! දැන් රටට ඉතිරි වරායෙන් 30%ක් විතරයි…! – වෘත්තීය සමිති….

October 1, 2021 at 7:37 am | by emanisa.lk

රටට හිමිව තිබූ බටහිර පර්යන්තය ද ඊයේ (30) පෙරවරු 11.12 ට ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමත් සමග සමස්ත වරායෙන්ම වරාය අධිකාරියට අයත් වන්නේ සියයට 30 ක බහලුම් ධාරිතාවක් යැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ පවසයි.

මෙම ගිවිසුම්ගතවීමත් සමග බටහිර පර්යන්තයේ සියයට 51 ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමටත්, සියයට 34 ක් ජෝන් කීල්ස් සමාගමටත්, සියයට 15 ක් වරාය අධිකාරියටත් හිමිවන බව ද ඔහු කීය. මේ වන විට වරායේ ශ්‍රී ලංකාව සතු වන්නේ 30%ක් පමණක් බවත් ඔහු අනාවරණය කළේ ය.

වරාය අධිකාරිය සතුව තිබූ ගැඹුරින් වැඩිම (මීටර් 20) හා දිගම (මීටර් 1400) පර්යන්තය මෙය බවත් මෙම පර්යන්තය ඉන්දියාවට ලබාදීමත් සමග මෙතෙක් ඉන්දියාව විසින් ප‍්‍රතිඅපනයන බහලුම් හැසිරවීම ඔවුන් යටතේම සිදු කිරීමට අවස්ථාව හිමිකරගත් බව ද හෙතෙම කියා සිටියේය.

ඉන්දියාවේ බටහිර පර්යන්තය තරම් ගැඹුරු පර්යන්තයක් මෙන්ම පැය 24 ම මෙහෙයුම් සිදු කරන වරායක් නොමැති බව ද ගොරකානගේ කීය. එම නිසා ඔවුන් ප‍්‍රතිඅපනයන බහාලුම් මෙරට වරාය අධිකාරිය උපයෝගි කරගෙන සිදුකළ බවත් ගිවිසුම්ගතවීමත් සමග ප‍්‍රතිඅපනයන කාර්යයන් ඔවුන්ටම තනිවම සිදු කරගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *