හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා නම් කොළඹටත් දිය යුතුයි…! – සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක…

September 9, 2021 at 11:03 am | by emanisa.lk

හම්බන්තොට තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබා දුන්නේ එම ප්‍රදේශයේ වරායක් තිබෙන නිසා යැයි පවසන්නේ නම් කොළඹ ද වරායක් ඇති නිසා කොළඹට ද එම එන්නත ලබාදීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සිදුකල ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමක දී ඔහු මෙසේ කියා සිටියේය.

කෙසේ වෙතත් ප්‍රසන්න ගුණසේන එම අදහස් පළ කිරීම ගැටලුවක් නැති බවත් එම තීන්දුව ගන්නා අවස්ථාවේ තමන් නොසිටි බවත් එම අවස්ථාවේ ප්‍රසන්න ගුණසේන සිටින්නට ඇතැයි ද කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *