වරාය නගර පනත රටේ ස්වෛරීභාවයට තර්ජනයක්…! රට රකින්න රනිල් ප්‍රමුඛ එජාපය නඩු මඟට….!

April 15, 2021 at 3:20 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි.

කොළඹ වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නඩු පවරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර විසිනි.

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරිත්වයට හානි කරමින් වරාය නගර කොමිසම පනත යටතේ කොමිසම ස්ථාපිත කර බලය පැරීමට කටයුතු කර ඇති බැවින් ඊට එරෙහිව ගත හැකි සියලුම නීතිමය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ නීති අංශ දැනුම්වත් කර තිබේ.

කොළඹ වරාය නගර කොමිසම යටතේ වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාපාරිකයන්ට විශාල බදු සහනදීම, බදු රහිත වැටුප් සහ අක්වෙරළ මුල්‍ය මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරිම හා මුල්‍ය විශුද්ධිකරණයට ඉඩ සැලසීම, වසර 40 ක් දක්වා බදු විරාම ලබාදීම යනාදිය මෙන්ම වෙනම පරිපාලන ව්‍යුහයක් රටේ පාලනයට පරිබාහිරින් පිහිටුවීම යනාදී කරුණු තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානි කර ඇති බව අභියෝගයට ලක් කරමින් පවරන බව එජාප නීති අංශ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස