වරාය නගරය ගැන සමහරු කියන්නේ බොරු….! අපේ ආණ්ඩුවෙන් රට දියුණු කරද්දි වරාය නගරය වැදගත්….! – හර්ෂ…

April 22, 2021 at 4:04 pm | by emanisa.lk

වරාය නගරයට පිවිසීම සඳහා චීන තානාපති කාර්යාලයෙන් වීසා ලබාගත යුතු බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඕනෑ ම අයෙකුට වරාය නගරය වෙත පිවිසීමට කිසිදු බාධාවක් නැතැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක වනු දැකීම සමගි ජන බලවේගයේ අපේක්ෂාව බව ද ඔහු ප්‍රකාශ කරයි.

නුදුරු අනාගතය් දී ම සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටු වන බවත් එවිට රට දියුණු කිරීම සඳහා වරාය නගරය වැදගත් බවත් හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.

අද (22) සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *