වරායේ හැට පැන්න දූෂිත කළමනාකරුට සේවා දිගුවක්!

March 2, 2019 at 5:53 pm | by admin

වරාය අධිකාරියේ මානව සම්පත් කළමනාකාරවරයා අවුරුදු හැට සම්පූර්ණ වී තිබියදී යළිත් සේවා දිගුවක් ලබාදීමට වත්මන් පාලන අධිකාරිය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම නිලධාරියා සිදු කළ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අවස්ථා තුනකදී විධිමත් විනය පරීක්ෂණ කර ඔහු වැරදිකරුවීමෙන් පසු දඬුවම් ද පමුණුවා ඇත. කෙසේ වෙතත් අභියාචනා කමිටුවෙන් දඬුවම් ලිහිල් කර ගෙන නැවත සේවවය පිහිටුවා ඇති අතර ඒ සඳහා ගෙවුණු කාලයේ පාලන බලය ලැබූ දේශපාලනඥයන්ගේ ආශිර්වාදයද ලැබී ඇත.

වරාය අධිකාරියේ වයස අවුරුදු 60 ඉක්මවූවන්ගේ සේවා කාලය දීර්ඝ නොකරන බවට තීරණය වී තිබියදී වත්මන් සභාපති කාවන් රත්නායක ඔස්සේ කැබිනට් මණ්ඩලය යළිත් ඔහුට සේවා දිගුවක් ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. කාවන් අමාත්‍ය සාගල රත්නායකගේ සොහොයුරාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *