වරායේ සිරවූ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 400ක් මුදා ගන්න ඇමැති බැසිල් සූදානම්…!

August 30, 2021 at 8:05 am | by emanisa.lk

කොළඹ වරායේ ගොඩ ගැසී ඇති ආනයනික සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සහිත කන්ටේනර් 400ක් පමණ ඉක්මනින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඇමතිවරයා මේ සඳහන් කර තිබෙන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය සතියේ මුදල් ඇමතිවරයා හමු වී සීනි, කිරිපිටි සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පැවැතීමත් ඉදිරියේදී ඒවායේ මිලද ඉහළ යෑමට ඉඩ ඇති බැවින් මේ සඳහා කඩිනම් පියවරක් ගන්නැයි කළ ඉල්ලීමකදීය.

විශේෂයෙන් ම ඩොලරයේ මිල ඉහළ යෑම නිසා වරාය ගාස්තු ද වැඩි වීමක් සිදුව ඇති බැවින් භාණ්ඩ ආනයනය කළ පිරිස් ඒවා වරායෙන් මුදා ගැනීමට ඒම ප්‍රමාද වීම ඊට හේතුවක් වී තිබෙන බව මේ හමුවේ දී පෙන්වාදී ඇති මුදල් ඇමතිවරයා මේ සතිය වන විට එම කන්ටේනර් මුදා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව පවසා තිබේ.

එසේ ම, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අපනයනය කිරීමේ දී ඩොලර් හිඟය ප්‍රශ්නයක් වී තිබෙන බව සඳහන් කර ඇති මුදල් ඇමතිවරයා තමා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කොට එම ආනයන සඳහා ඩොලර් මුදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *