වරායේ වෙන්දේසියටත් පාතාළය පනී… කෝටි ගාණක සුද්දෙකට සූදානම්…!

November 11, 2024 at 9:58 am | by emanisa.lk

කොළඹ වරායේ හා රේගුවේ අද (11) පැවැත්වෙන ටයිල්, රෙදිපිළි, ඉදිකිරීම් උපකරණ, අමුද්‍රව්‍ය ඇතුළු කන්ටේනර් 25 ක වෙන්දේසිය සඳහා විදෙස්ගත පාතාල නායකයකුගේ සාමාජිකයන් යළිත් පැමිණෙන බවට ව්‍යාපාරිකයන්ට ඊයේ තර්ජනය කර තිබේ.

ෆිහාඩ් නමැති පාතාල කල්ලියට සම්බන්ධ සාමාජිකයකු ව්‍යාපාරිකයන්ට දන්වා ඇත්තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවන ලෙසත් තමන් ටෙන්ඩරය ලබා ගත් පසු සෙකන්ඩ් සේල් ක්‍රමයට තමන්ගෙන් අදාළ භාණ්ඩ ලබා ගන්නා ලෙසත්ය.

මෙම ටෙන්ඩර් සඳහා බලපෑම් කරන කල්ලියේ රුවන්, ගනේෂ්, ෆිහාස්, බචෝ, උපාලි, සුදුසුදා යන කණ්ඩායම වරාය ටෙන්ඩරයට සහභාගි වීමට සූදානමින් සිටි බව බුද්ධි අංශ වාර්තා කර ඇත.
ටෙන්ඩර් සඳහා වරායට ඇතුළු වීමට ආදායම් බදු ගෙවන්නන් ලෙස ටින් අංකය ලබාගත යුතු බවට කොන්දේසියක් පැනවීමත් සමග මේ පිරිස ටින් අංක ද ලබා ගෙන තිබේ.

මෙම පාතාළ කල්ලිය නිසා ව්‍යාපාරිකයන් තැති ගැන්මට ලක්ව ඇති අතර මොවුන්ගේ මෙම ක්‍රියාවලිය නිසා රජයට ලැබිය යුතු අති විශාල මුදලක් අහිමි වන බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *