ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ වියදම් සහ වරප්‍රසාද දීමනා ඇතුළු අනෙකුත් ආයතනික වියදම් අවම කළ යුතුව ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ එම අමාත්‍ය ධුරයේ පසුගියදා වැඩ භාරගැනීමෙන් අනතුරුව වෘත්තිය සමිති සමග පැවැති ප්‍රථම හමුවේදීය.
ඒ අනුව ආයතනික වියදම් අවම කිරීම පිළිබඳ වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම සියලු කරුණු සම්බන්ධයෙන් වූ තීරණයක් ගත යුතු බවද හෙතෙම සඳහන් කර තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රට තුළ උද්ගතව ඇති තත්ත්වය සමග ජනතාවගේ අවශ්‍යතාව අවබෝධ කරගනිමින් සංවේදීව කටයුතු කිරීමට සේවකයන් සහයෝගය ලබා දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.