වරායේ දොඹකර සිද්ධිය පිටුපස කුමන්ත්‍රණයක්! වරායේ ඉංජිනේරු නිර්දේශ සේවකයෝ බැහැරලති! වෘත්තීය සමිති පිටුපස අදිසි හස්තයක්!

July 1, 2020 at 4:33 pm | by emanisa.lk

පසුගියදා මෙරටට රැගෙන ආ දොඹකර නැගෙනහිර පර්යන්තයට සවි කරන ලෙසට රජයට බලකෙරෙන විරෝධතා සඳහා වරාය සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස පාර්ශ්ව කිහිපයකින්ම ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති බව සමාජ මාධ්‍ය ජාල වාර්තා කර ඇත.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී එවකට වරාය අමාත්‍යවරයා වූ සාගල රත්නායක විසින් නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට හා ජපානයට ලබාදීමට අවබෝධතා ගිවිසුමක් අත්සන්කොට ඇත.

නැගෙනහිර පර්‍යන්තය විශාල නෞකාවන් සඳහා ඉදිවෙන පර්‍යන්තයකි.ඒ සදහා අවශ්‍ය වන්නේ විශාල හා දිගින් වැඩි දොඹකරයි. නමුත් මෙරටට රැගෙන ආ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා විසින් ඇණවුම් කරන ආන්දෝලනයකට තුදු දෙන දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවි කිරීම සඳහා නුසුදුසු දිගින් අඩු විශාල නෞකාවල බහාලුම් ගොඩ බෑමට තරම් ප්‍රමාණවත් නොවන බවට වරාය ඉංජිනේරුවන් පෙන්වා දී ඇත.

එමනිසා මෙම දොඹකර ජය බහාලු පර්‍යන්තයට සවි කිරීම වඩාත් යෝග්‍ය බව වරාය ඉංජිනේරුවන් ප්‍රකාශ කර තිබේ. නමුත් නැගෙනහිර පර්‍යන්තයට නුසුදුසු මෙම දොඹකර නැගෙනහිර පර්‍යන්තයටම සවි කරන ලෙසට වරායේ සේවකයෝ පවසති.

වරායේ ඉංජිනේරුවන් මෙම දොඹකර නැගෙනහිර පර්‍යන්තයට නුසුදුසු බව කියද්දිත් මෙසේ සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න සොයා බලන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම වරාය වෘත්තීය සමිති විසින් වරායේ දූෂිත නිලධාරීන් ඇතැයි ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් දැක්වුවත් ඒ පිළිබඳ හෙලිකර නැත.

වෘත්තීය සමිති මෙසේ ප්‍රකාශ කරද්දී නිලධාරීන්ද වෘත්තීය සමිති නායකයින්ට සමාගම් විසින් නැගෙනහිර පර්‍යන්තයේ සිද්ධි‍ය විශාල අර්බුදයක් දක්වා රැගෙන යාම සඳහා මුදල් ගෙවා ඇති බවට පෙරලා චෝදනා කර ඇත.

මෙලෙස අනවශ්‍ය අර්බුදයක් ඇති කරන්නේ කවුරුන්ද හා මෙසේ දුෂිත නිලධාරීන් හා මුදල් ලබා ගත්තායැයි කියන වෘත්තීය සමිති නායකයින් කවුද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් කඩිනමින් සිදුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් විවිධ පාර්ශව විසින් ඉල්ලීම් සිදුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස