වරායේ කෑම වේලෙනුත් ගසා කාලා…..! අවුරුද්දකට මිලියන 100ක් වැඩිපුර ගෙවලා…!

February 7, 2021 at 7:40 am | by emanisa.lk

වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පවසයි.

මේ වන විට වරාය සේවකයින් සඳහා ලබා දෙන ආහාර වේලට වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 140ක් පමණ වැය කරන බව ඔහු සඳහන් කළේ ය.

එහෙත් මෙපමණ මුදලක් මෙම ආහාර වේල ලබාදීම සඳහා වැය කිරීමට අවශ්‍ය නොවන බවත් එය රුපියල් මිලියන හතලිහකින් පමණ ලබාදීමට හැකි බව ද ඔහු සඳහන් කරයි.

ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත් ඊට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීය.

මෙමගින් මිලියන සියයක පමණ මුදලක් වරායට ඉතිරි කර ගැනීමට හැකි වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *