වර්ජිත දුම්රිය රියදුරන් දොට්ට…?

June 10, 2024 at 10:51 am | by emanisa.lk

වහාම සේවයට වාර්තා කරන ලෙස දන්වා වර්ජනයේ නිරත දුම්රිය රියැදුරන්ට ලිපි යවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා පවසයි.

ඔවුන් අද (10) සේවයට වාර්තා නොකළහොත් සේවය අත්හැර ගියා සේ සැලකීමට සිදුවන බවත් ඒ මහතා කීය. මේ හේතුවෙන් දුම්රිය මගීන් විශාල පිරිසක් ඊයේත් අපහසුතාවට පත්වූ බවද හෙතෙම කීය.

ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ඒවා ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙලෙස වැඩවර්ජනයේ යෙදෙමින් මගීන් අපහසුතාවට පත්කිරීම අසාධාරණ බවත් ඉඳිපොලගේ මහතා කියා සිටියේය.

මේ අතර, දුම්රිය වැඩ වර්ජනය තව දුරටත් අඛණ්ඩව සිදුකරන බවත්, අද දිනයේත් සිය ගැටලුවලට විසඳුමක් ලබාදීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු නොකරන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවත් ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක මහතා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *