වර්ජනය අත්හිටුවන්න සූදානම්…! වැටුප් නැංවීම චක්‍රලේඛගත කරන්න…! – ගුරු සංගම්….

September 2, 2021 at 9:57 pm | by emanisa.lk

වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමි වූ නිර්දේශ, චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කරන්නේ නම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට සුදානම් බව ගුරු – විදුහල්පති වෘත්තිය සංගම් පවසා තිබිණි.

මේ අතර මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වී දරුවන් අයාලේ යමින් ඇති බැවින් රජයෙන් ලබාදුන් වැටුප් විසඳුම පිළිගෙන වැඩවර්ජනය නතර කරන්නැයි අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව ගුරු – විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කර තිබේ.

කොවිඩ් වසංගත මැද වුව ද රජය පාර්ශ්වයෙන් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාධනීය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් රට තුළ පවතින තත්ත්වය තේරුම්ගෙන කටයුතු කරන ලෙස ඉන් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *