වර්ජකයින්ට රට ආපස්සට ගෙනි යන්න දෙන්න බෑ..! වර්ජන පිටුපස සිටින අය බුද්ධි අංශ යොදවා සොයන්න…!

January 13, 2022 at 2:29 pm | by emanisa.lk

රටේ සිදුවන උද්ඝෝෂණ, වැඩවර්ජන පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව සොය බැලීමක් සිදුකළ යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක පවසයි.

උද්ඝෝෂණ, වැඩවර්ජන සිදු කරන්නේ සැබෑ ජනතා ප්‍රශ්න වෙනුවෙන් ද, වෘත්තීයවේදීන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ යාන්ත්‍රණයක්, කමිටුවක් පත්කළ යුතු බවත් උගතුන්, බුද්ධිමතුන් පමණක් නොව බුද්ධි අංශ පවා එම යාන්ත්‍රණයට ඇතුළත් කළයුතු බවත් මිලාන් ජයතිලක සඳහන්කරයි.

අදාළ යාන්ත්‍රණය පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියයි.

වසර 72 ක් පුරා රට ආපස්සට යාම සඳහා උද්ඝෝෂණ, වැඩවර්ජන ප්‍රබල හේතුවක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, වැඩවර්ජන, උද්ඝෝෂණ සිදු කරන පුද්ගලයන්ට රට ආපස්සට හැරවීමට තව දුරටත් ඉඩ ලබාදිය නොහැකි බව ද අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *